Wednesday, June 7, 2017

" නුබ  වෙනුවෙන් " ලියා අවසන්  නොවූ ගීතය .

නොසිතූ ලෙසින්  මා
පෙමින් බැදුන ...

ඔබේ  දෙනුවන්  යුග හා ...
ඔබේ  දෙනුවන්  යුග හා ...

නොසිතූ ලෙසින්  මා
පෙමින් බැදුන ...

ඔබේ  හසරැලි  හා ...
ඔබේ  හසරැලි  හා ...




** ගලේ **


ගිය බවත් දන්නවා,
නොඑන බවත් දන්නවා,
එහෙත්  කුමක් කරන්නද,

ආදරේ කරනවා හැරෙන්නට.




** ගලේ **

මා  පිය මනිමි,
සිහිනෙකින් හෝ අතැගිලි පටලා,
නුබ සමග.







** ගලේ **








හිරු  නැගෙන
තුරා...
සඳ  පහන් වෙන තුරා....
පෙම් කරමි,
නුබ  මට පෙම් කරන තුරා.


** ගලේ **

කවියක් වන්න නුබ,
මා  වෙන්නම්  එහි ගී පද...

නුබ වෙන්න රාත්‍රිය,
මා වෙන්නම් එහි මද පවන.





** ගලේ **












කදුළු  කැට
රූරා  විත්
අසයි...
නුබේ ආදරය...
කෝ  කියා.


**  ගලේ  **

ජිවිතේ  ගැන මගේ ඇසින්.


"ජිවිතේ  කියන්නේ හරිම අපූරු සිතුවමක් "


එහෙම නේද ?
ඔව් කෙනෙක්ට ඒක එහෙම  වෙන්න පුලුවන්,
තවත් කෙනෙක්ට ඒක එහෙම නොවෙන්න පුලුවන්.

ජිවිතේ  ගැන කතා කරද්දී,
අපි හැමෝටම ඕනේ සතුටින් ජිවත්වෙන්න.
මොකද කවුරුත් කැමති නැහැ දුකින් පිරුණු ජිවිතේකට.

ඒක තමයි අපි පිළිගන්ඩ අකමැති යථාර්තය.

ජීවතේ කියන්නේ හැමදාම සතුටින් ඉන්නවා කියන එක ම නෙමේ .

ඇත්තටම ජිවිතේ කියන්නේ මොකක්ද ?
ජිවිතේ කියන එකට නිවැරදි අර්ථකතනයක් අපිට හොයාගන්ඩ බැරි වෙයි .

ජිවිතේ හරිම සරලයි,
ඒත් ඒක අමාරු කරගන්නේ අපිමයි .
ජීවිතේදී,
              අහියෝග
              ප්‍රශ්න       

අපිට  හමුවෙනවා .

ඒ වගේම අපේ ජිවිත වල,
                                         අරමුණු
                                          ඉලක්ක

තියනවා.

ජිවිතේ ජිවත් කරවන්නේ' හීන,
ඒ හීන ඉලක්ක, අරමුණු වලට පෙරල ගත්තොත්,
අපිට පුළුවන්  "ජිවිතේ හීනයක් නොකර ගෙන ජීවතේ අරමුණක් කරගන්න ".

ඔබට ජීවතේ සාර්ථක කරගන්න ඕනේ නම් ,
කරන්න තියෙන්නේ,
එක දෙයි,

"අරමුණක්", "ඉලක්කයක් " එක්ක  ජිවත් වෙන්න.
අරමුණ ලගා කර ගන්න,
සාර්ථකව වැඩ කරන්න,
ඒ සදහා කැපවෙන්න,

ඔව් එවිට ඔබට හැකිවේවි ජිවිතේ සාර්ථක කර ගන්න.



ආදරය කරන්න ඔබට, 

ඔබේ අරමුනු වලට... 

ආත්මාර්තකාමී වන්න,

ඔබ වෙනුවෙන්,

ඔබේ අරමුනු වෙනුවෙන්...

එවිට ඔබට හැකි වේවි ජීවිතේ ජය ගන්න. 

** ගලේ **



නුබ
අනේ  මන්දා
මා  අතරමන්  කල
තරම්
නුබේ  හදවත තුල











** ගලේ **







ලියන්නට සිතෙයි,
නුබ ගැන කවියක් ...

එයට  මා ප්‍රේමය මුසු කරන්නෙමි ,

ආදරණිය සිහිනයකි  නුබ ,
මගේ  හදවත සොරාගත්.

** ගලේ **

මිය දෙන්න දෙන්න ආදරයට...
එවිට  හැකි  වේවි ...
විරහවකින් තොරව ...
ජිවතය ජයගන්න.





** ගලේ **

Tuesday, June 6, 2017

නොලැබෙයි කියා
හැර යා යුතුද
ආදරේ ?

.

නුබ මගේම වේද
කියා මා නොදනිමි,
එහෙත් මා 
කොන්දේසි විරහිතව,
නුබට ප්‍රේම කරමි.

** ගලේ **

Friday, June 2, 2017

දනිමි නොලැබෙන බව
එහෙත් මා
නුබට පෙම් කරමි

මා හද සොරගත් පෙම්වතනෙනි





** ගලේ **

මගේ නොවන නුඹ වෙත
ආදරයෙන් ලියමි.... 

මා සමානුපාතිකවත් ප්‍රතිලෝමවත්
නුඹටම ප්‍රේම කරමි.... 

විටක නුඹ මගේ යැයි හැඟුන ද,
එය හුදෙක්,
සිහිනයක් බව,
මම දනිමි.

සිහිනයක් සේ,
මා හදවත සොරාගත්...
සිතුවමක් බඳු,
නුඹ....
මිරිගුවක්,
පමණි.

ලෝකයම දන්නා,
ඔබ තවම,
නොදන්නා...
ඔබට තවම,
නොතේරෙන...

ආදරයයි මේ.                                                           


                             
** ගලේ **