Saturday, May 15, 2021

Vocabulary

 01. Extend - දික් කරනවා / expand


Monday, September 4, 2017

ආදරණිය සුමනේ වෙත,

අවසානෙදි හැමදාම වගේ මට ඉතුරු උනේ
උබ විතරයි මැට්ටියේ..
මොනා උනත් උබ කිව්ව හැමදේම
එදා වගේ අදත් හරි ගියා.
මට බැරි උනාට උබව තේරුම් ගන්න
උබ මාව මටත් වඩා හොදට තේරුම් ගත්ත.
එදා වගේමයි
උබ අදත්,
මන් තමයි උබට වෙනස්කම් කරේ.
උබේ වරදක් නැතුවම,
හැමදාම වගේ මන් උබට බනිද්දි,
උබ අපුරුවට අහන් උන්න,
ඒ මොකද උබ මාව හොදට දන්න හින්ද.
මිතුදම කිය කිය කයිවාරු ගහන ගොඩක් උන්,
අපිට උදවුවක් කරල අපෙන් උදව් ගොන්නක් බලාපොරොත්තු වෙනවා.
ඒ මදිවට එලව එලව කරපු උදවුත් මතක් කරන්ඩ අමතක කරන්නෙත් නෑ.
එත් මැට්ටියේ උබ නම් කිසිදෙයක් බලාපොරොත්තු නොවීම මගේ ළග උන්න.
අවසානෙදි හැමදාම වගේ මට ඉතුරු උනේ
උබ විතරයි මැට්ටියේ..
                                                           

** ගලේ **




Sunday, September 3, 2017

අමාරුවෙන් හිනා වෙන්න උත්සහ කරත්
මට එක කරගන්න
බැරි උනා..
හැමදාම හැමෝගේම හිනාව වෙනුවෙන්
උන්නු මට
මගේ හිනාව වෙනුවෙන්
කෙනෙක් හොයාගන්න අමාරු උනා,

නමට විතරක් යාලුවෝ ඉද්දි
වැටුනම අත දෙන්න
අතක් හොයාගන්න
උත්සහ කරා,
එත් අවාසනාවකට
තාමත් හොයනවා.

හැම ප්‍රශ්නෙකටම වැරදිකරුවා
විදිහට උසාවිය තීන්දු නොදුන්නත්..
වටේ හිටපු යාලුවෝ ඒ තීන්දුව දුන්න එක
ගොඩක් වටිනවා.

ජීවිතයත් මරණයත් අතර
තියන පාලමේ එක එක දණ්ඩට
ලංවෙනවා කියලා
නොකියම හිත මට කිවුවා.
එත් එක පිළිගන්න මන්
ශක්තිමත් මදි කියල
හොරෙන් වගේ යටි හිත
කියනවා මට ඇහුනා.


වැරැද්ද නිවැරදි කරන්න මන්
අදත් හෙටත් උත්සහ කරාවී,
නිෂ්පල ප්‍රයත්නයක් කියල
දැන දැනම.

තවත් ජීවිතෙත් එක්ක ගැටෙන්න මට
අමාරුයි,
වෙහෙසයි,
මහන්සියි.

ගිමන් නිවා ගන්න නවාතැන් පලක් ?






Thursday, August 17, 2017

නිහඩ කරවමි

ආදරෙ නැමැති
හදවත ,
අද සිටි මා නුඹව
නිහඬ කරවමි,
හදවත
මින් මත්තට නුඹට,
හැක්කේ ජීවත් වීම
ගැන සිතීම පමණි .
මන්ද යත්
ආදරයෙ අරුත් නොදන්නා
මිනිසුන්,
මිහිපිට වසන හෙයිනි .



සීසීකඩ විසිරුනු
අරුත් ගන්වන්නට
නොහැකි ,
අපුරුවු
සිහිනයකි 
බලාපොරොත්තුව.

සොදුරු මිනිස්කම 
තුල,
සැඟවී තිබෙන,
රුදුරු අවියක් වූ 

මිතුදම,

නැමැති
කෙංගෙඩිය....



Wednesday, June 7, 2017

" නුබ  වෙනුවෙන් " ලියා අවසන්  නොවූ ගීතය .

නොසිතූ ලෙසින්  මා
පෙමින් බැදුන ...

ඔබේ  දෙනුවන්  යුග හා ...
ඔබේ  දෙනුවන්  යුග හා ...

නොසිතූ ලෙසින්  මා
පෙමින් බැදුන ...

ඔබේ  හසරැලි  හා ...
ඔබේ  හසරැලි  හා ...




** ගලේ **


ගිය බවත් දන්නවා,
නොඑන බවත් දන්නවා,
එහෙත්  කුමක් කරන්නද,

ආදරේ කරනවා හැරෙන්නට.




** ගලේ **

මා  පිය මනිමි,
සිහිනෙකින් හෝ අතැගිලි පටලා,
නුබ සමග.







** ගලේ **








හිරු  නැගෙන
තුරා...
සඳ  පහන් වෙන තුරා....
පෙම් කරමි,
නුබ  මට පෙම් කරන තුරා.


** ගලේ **

කවියක් වන්න නුබ,
මා  වෙන්නම්  එහි ගී පද...

නුබ වෙන්න රාත්‍රිය,
මා වෙන්නම් එහි මද පවන.





** ගලේ **